ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ Software Industrial එකට යන්න ඉන්න ඔයාලා සියළුම දෙනාට ගොඩක් වැදගත් වෙන ලිපියක්. ඒ තමයි Software Development Design Patterns. අපි design pattern එක විතරක් දැනගත්තට විතරක් නම් මදි යාලුවනේ. අපි කොහොමද ගැලපෙනම design pattern එක තොර ගෙන develop කරන software project එකට ප්‍රයෝගිකව භාවිත කරන්නේ කොහොමද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට තමයි අපිට සාර්ථක Software Engineer කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ . මම java programming language එකෙන් design pattern එක implement කරන හැටි මුලින් කියනම්. පසුව C # programming language එකෙනුත් ඉදිරිපත් කරනම්.
අපි දැන් මුලින්ම පොඩ්ඩක් හොයල බලමු කොහමද මේ design patterns කියන සංකල්පය ලෝකෙට ආවෙ කියලා. මුලින්ම මෘදුකාංග ක්ෂේත්‍රයට design patterns concept එක එන්නෙ 1994 දී එලිදක්වන ලද Design Patterns – Elements of Reusable Object-Oriented Software යන ග්‍රන්ථයත් සමගයි. මෙම ග්‍රන්ථයේ කතෘවරුන් වන Erich Gamma, Richard Helm, Ralph Johnson සහ John Vlissides යන අය Gang of Four(GOF) යන අන්වර්ථ නාමයකින්ද ඔවුන්ව හදුන්වනවා.
Design Patterns නිර්මාණය වෙලා තියෙන්නේ software engineers ලට ඔවුන්ගේ විවිධ මෘදුකාංග නිර්මාණයන් කරන අතරවාරයේදී මතු වූ ප්‍රශ්ණ වලට විසදුම් ලෙස භාවිත කරන ලද විසදුම් ලෙසයි.
අපිට object oriented software engineers ලා විසින් භාවිතා කරන ඉතා දියුණු ශිල්ප ක්‍රමයන් කියලත් design patterns හඳුන්වන්න පුළුවන්. දැන් එම ක්‍රම ශිල්ප කාලයක් තිස්සේ විවිධ software engineers මගින් පරීක්ෂණයට භාජනය වෙලා එය දැන් වෙනම විෂයක්
වශයෙන් software develop කිරීමේ දී භාවිත කරනවා .
design patterns ගෙන wikipedia මෙවැනි අදහසක් දරනවා.
අපි දැන් බලමු design patterns වර්ග මොනවද කියලා. java programming language එක මුලික කරගෙන
Patterns – Elements of Reusable Object-Oriented Software ග්‍රන්ථයේ සඳහන් වෙන පරිදි design patterns 23ක් පමණ තියෙනවා. ඒවා ප්‍රධාන වශයෙන් කොටස් 3ක්ත වෙන් වෙන්වා.

Nice article....Good job!!!
ReplyDeleteNice one ! keep it up!
ReplyDeleteNice one. Bro
ReplyDelete