අපි මුලින් බලමු මොකක්ද මේ Object Oriented Programming concept එක කියන්නෙ කියලා. OOP කියන concept එක බිහිවෙන්න කලින් අපි භාවිත කලේ Structured Programming කියන concept එක. නමුත් Structured Programming concept එක භාවිත කරලා මහපරිමාණ software නිර්මාණය කරන කොට programmers ලට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවුණා. ඒ කියන්නේ structured concept එකෙන් මහපරිමාණ software develop කරනකොට එකම class එකක සියළුම codes ලියන නිසා code වල errors , bugs ආවහම errors සහිත coding lines හඳුනාගෙන ඒවා නැවත සකස් කිරීමට විශාල කාලයක් වගේම විශාල වෙහෙසක් programmer ට දරන්න සිදුවෙනවා. මොහොතකට හිතල බලන්න යාලුවනේ අපි structured programming concept එක use කරලා Foodcity එකකට software එකක් develop කරනවා කියලා. ඒ programme එකේ code lines විශාල ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක errors ආවහම , ඒ වගේම programmer develop කරපු software එකට අලුතින් new parts add කරන්න අවශ්‍යයි කියල අපේ client කීවහම නැවත new parts add කිරීමේදී software එක develop කිරීමේදී වැය වුන කාලය , ඒ සඳහා c...