ඉතින් මගේ යාලුවනේ අද මම ඔයාලට ඉදිරිපත් කරන්න හදන්නේ Software Industrial එකට යන්න ඉන්න ඔයාලා සියළුම දෙනාට ගොඩක් වැදගත් වෙන ලිපියක්. ඒ තමයි Software Development Design Patterns. අපි design pattern එක විතරක් දැනගත්තට විතරක් නම් මදි යාලුවනේ. අපි කොහොමද ගැලපෙනම design pattern එක තොර ගෙන develop කරන software project එකට ප්‍රයෝගිකව භාවිත කරන්නේ කොහොමද කියන එකත් දැනගෙන ඉන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට තමයි අපිට සාර්ථක Software Engineer කෙනෙක් වෙන්න පුළුවන් වෙන්නේ . මම java programming language එකෙන් design pattern එක implement කරන හැටි මුලින් කියනම්. පසුව C # programming language එකෙනුත් ඉදිරිපත් කරනම්. අපි දැන් මුලින්ම පොඩ්ඩක් හොයල බලමු කොහමද මේ design patterns කියන සංකල්පය ලෝකෙට ආවෙ කියලා. මුලින්ම මෘදුකාංග ක්ෂේත්‍රයට design patterns concept එක එන්නෙ 1994 දී එලිදක්වන ලද Design Patterns – Elements of Reusable Object-Oriented Software යන ග්‍රන්ථයත් සමගයි. මෙම ග්‍රන්ථයේ කතෘවරුන් වන Erich Gamma, Richard Helm, Ralph...