Skip to main content

Posts

Showing posts from April 24, 2017

Singleton Design Pattern

අද මම මගේ යාළුවන්ට පැහැදිලි කරන්න යන්නෙ ඉතාමත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් design pattern එකක්. ඒ තමයි Singleton design pattern එක.මේ design pattern එක අයත් වෙන්නේ creational patterns කියන කාණ්ඩයට. object නිර්මාණය කරන්න හොඳ ක්‍රමයක් තමයි මෙයින් අපිට කියලා දෙන්නේ. අපි බලමු දැන්  මොකක්දේ මේ singleton design pattern එක කියන්නෙ කියලා. කෙටියෙන්ම විස්තර කරනවා නම් singleton design pattern එකෙන් අපි කරන්නේ අපි හදන class එකෙන් user ට අවස්ථාව දෙන්නේ එක object එකක් හදන්න විතරයි.තවත් විස්තර කරනවා නම් user class එකෙන් object එකක් refer කරන හැම අවස්ථාවකම user ට දෙන්නේ එකම එක static object එකක් විතරයි .ඒ කියන්නෙ මේ design pattern එක use කිරීමේ ප්‍රධාන අරමුණ තමයි සලකන ලද class එකකින් සැදෙන උපරිම object ගණන එකකට සීමා කිරීම. ඔයාලට දැන්  ප්‍රශ්නයක් ඇති ඇයි අපි සාදන object එකකට සිමා කරන්නේ කියලා. මම එක ඔයාලට උදාහරණයකින් පැහැදිලි  කරන්නම්. අපි හිතමු අපි develop කරන desktop software එකකට database එක connect කරනවා කියලා. අපේ software එකේ එකම database එකකට user details view කරනකොට , ඒ ව...